ඔබ දන්නවාද කිසිදු ප්‍රශ්නයකින් තොරව ඔබගේ යතුරුපැදි පැදියේ හෝ ඕනෑම වාහනයක ආදයම් බලපත්‍රය නිවසේ සිටම අලුත් කරගන්නා ආකාරය.ගොඩක් අය මේ ගැන දැනුවත් නෑ තාම. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ.මෙන්න මේ පියවර අනුගමනය කරන්න.
WWW.GOV.LK
මෙම වෙබ් අඩවියට ඇතුල් වන්න.
මෙම නිල් පැහැ බොත්තම Click කිරීමෙන්ද පිවිසීමට හැක.
- ඉන් පසුව Search මත Revenue License යන වචනය සොයන්න.
- ඔබගේ Email Address හරහා හෝ Facebook ගිණුම මගින් පද්ධතියට ඇතුල්වෙන්න.
- ඔබගේ පලාත / වාහන අංකය / පසුගිය වසරේ බලපත්‍ර අංකය / Chassi අංකය ඇතුලත් කර හිමිකරුගේ නම සහ ලිපිනය නිවැරැදි ද යන්න බලන්න.
- එසේනම් වායූ විමෝචන සහතිකය නිකුත් කල
- ආයතනය සහ රක්ශණ සමාගමේ විස්තර ඇතුලත් කරන්න.
- ඉන්පසු අදාලමුදල ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතකින් ගෙවීම් සිදු කරන්න.
- ගෙවීම තහවුරු වූ පසු මුද්‍රණය කල හැකි, දින 14ක් වලංගු බලපත්‍රයක් ඔබට එවෙලේම Email එකක් මගින් ලැබෙන අතර දින 14ක් ඇතුලත ලියාපදිංචි තැපෑලෙන් ඔබගේ වලංගු ආදායම් බලපත්‍රය ඔබේ අතටම ලැබේ.
අපහැදිලි හෝ ගැටලුවක් ඇත්නම් 1919 අමතන්න.