Honda Hornet 250 කියන්නේ කවුරුත් දන්න බයික් එකක්නේ. අද මේ පටං ගන්න හදන්නේ මුලු හොන්ඩා හොනට් 250CC කාණ්ඩයේම හැඳින්වීමක්. එහෙනම් පටං ගමු.
මේ හොන්ඩා හොනඩ් යතුරු පැදිය මුලින්ම පාරිභෝගිකයන්ට මිළඳී ගන්න පුලුවන් උනේ 1996දී. ඒ ජපානයේ හොන්ඩා ආයතන විසින් කරනු ලැබූ නිෂ්පාදනයක් විදිහට. හැබැයි මේ පළවෙනියටම එලියට දාපු හොනට් එකේ තිබුනේ හොන්ඩා ආයතනය විසින්ම නිෂ්පාදනය කරනු ලැබූ Fireblade (ෆයර්බ්ලේඩ්) 600CC යතුරු පැදියේ කොටස්මයි. කොටස් කිව්වේ එකම චැසිය, ස්වින්ග් ආරම් එක, ටැංකිය වගේම ඇලෝවීල් පවා ආවේ ඒ ෆයර්බ්ලේඩ් යතුරු පැදියේ තිබුන ආකාරයටමයි. මේ හොනට් බයික් එක එක්සත් රාජධානියට එහෙමත් නැත්නම් UK වලට හඳුන්වා දෙන්නේ 1998 වර්ෂයේදී.
1996 වර්ෂය වෙද්දී ජපානයේ Naked වර්ගයට අයත් වෙන යතුරු පැදි අතරින් අංක අක ස්ථානය මේ හොනට් බයික් එක හිමිකරගන්නවා. හැබැයි මුලදී හොනට් බයික් එකේ එන්ජින් එකේ ආකෘතිය උනේ 1986 වර්ෂයේදී හොන්ඩා ආයතනය විසින් නිෂ්පාදනය කරපු CBR250Four කියන යතුරු පැදියේ එන්ජිම. මේ එන්ජිමම තමයි Jade (ජේඩ්) 250CC බයික් එකෙත් තියෙන්නේ.

Naked bike යනුවෙන් අදහස් වෙනුයේ -

මෝටර් බයික් එක පදින කෙනාගේ සහ පසුපස ඉදගෙන යන කෙනාගේ ආසන දෙක ඇත්තේ දෙවිදිකටයි. මෝටර් බයික් එක එලවන කෙනා පහළත්, එයට යම්තාක් ඉහළින් පිටුපස ආසනයත් නිර්මාණය කර ඇත.

ෆූට්රස් (බයික් එකේ යද්දී කකුල තියාගන්න තියෙන කෑල්ල :D ) තියෙන්නේ ගොඩක් ඉස්සරහින් නෙමෙයි. සාමාණ්‍යයෙන් සෑම naked bike එකකම වගේ ෆූට්රස් එක තියෙන්නේ බයික් එක පදින කෙනාගේ ඉනට සමාන්තරව පහළින්. ඒ වගේම handle (හැඩල් බාර් එක) එකත් තියෙන්නේ ගොඩක් ඉස්සරහින් නෙමෙයි. බොහොමයක් naked bike වල හැඩල් එක තියෙන්නේ උරහිස් දණහිස් මට්ටමට එනතෙක් හෝ නැත්නම් උරහිස් තමන්ගේ ඉන මට්ටමට එනකම් විතරයි.

මේ naked වර්ගයේ මෝටර් බයික් වලට windscreen එකක් නැත්නම් වාතය කපාගෙන ඉදිරියට ඇදෙන්න වෙනම වීදුරු (ප්ලාස්ටික්) ස්ක්‍රීන් එකක් එන්නේ නෑ. එනවනම් එන්නෙත් බොහොම පොඩි වයින්ඩ් ස්ක්‍රීන් එකක්.

මේ naked bike කියන වර්ගය ප්‍රසිද්ධ උනේ Universal Japanese motorcycle කියන ආයතනය විසින් 1990දී නිර්මාණය කරනු ලබපු මෝටර් බයික් එකකින්.


ඒවගේම ගොඩක්ම මේ naked bike වල එන්ජිම සහ අනිකුත් කොටස් පිටතට පෙනෙන අයුරින් තමයි තියෙන්නේ.
දැක්කම ආස හිතෙන බොඩියක් තියෙන හන්දා වගේම ඉහළ මට්ටමක exhaust පාරක් තියෙන නිසාත්, අනික පිටිපස්ස ටයර් සයිස් එක 180ක් වෙන නිසාම, 1992 ඉදන් 1999 දක්වා තිබුන CBR900RR Fireblade බයික් එකේ කොටස් සියල්ලක්ම පාහේ මේ බයික් එකට අන්තර්ගත උනා කීවොත් නිවැරදියි. ඒ වගේම මේ බයික් එක ප්‍රසිද්ධ වෙන්න හේතුවුන තව දෙයක් තමයි බයික් එක මොඩිෆයි කරන්න ලේසියි. ඒ කියන්නේ තමන්ට ඕන විදිහට හැඩකරගන්න ඕනනම් අනිත් බයික් වලට විදින දුක මේ බයික් එකට දෙන්න ඕන නෑ. හොනට් බයික් එක ආරම්භයේදී ටිකක් කෙට්ටු ගතියට වගේ තමයි බොඩිය තිබුනේ.
මේ හොන්ඩා හොනට් 250CC කාණ්ඩයේ බයික් පාට කීපයකින්ම ආවා. 1996 වර්ෂයේ ඉදන්,

Metallic Silver (රිදී පාට)

Metallic Dark Red (තද රතු)

Black (කලු)

Blue (නිල්)

කියන පාටවල් ටික ආවා.  ඒ වගේම සමහර හොනට් බයික් වල ඇලෝවීලුත් එක එක පාටින් ආවා. රත්තරං සහ ලෝකඩ පාට රතුපාට හොනට් බයික් වලටත්, සුදු පාට නිල්පාට බයික් වලටත්, තැඹිලි පාට රිදී පාට තියෙන බයික් වලටත් ආවා.

මේ තියෙන්නේ මගේ වන්ඩිය.
හොනට් බයික් එකේ අන්තර්ගතය ගැන පොඩි විස්තරයක් කියන්නම්.

බයික් එකේ එන්ජින් එක Liquid-cooled සිලින්ඩර් හතරක එන්ජින් එකක්.

බයික් එක ස්ටාට් කරන්න කික් එකක් නෑ. සෙල්ෆ්ස්ටාර්ට් තමයි කරන්න තියෙන්නේ. හදිස්සියේවත් බැටරිය බැහැලා හරි මොනවහරි සීන් එකක් උනොත්, ඒ කියන්නේ බයික් එක ස්ටාට් කරගන්න බැරිවුනොත් කරන්න තියෙන්නේ, බයික් එකට නැගලා ජියර් එකකට දාලා තව කෙනෙක්ට බයික් එක තල්ලු කරන්න කියලා තමන්ට ස්ටාට් කරගන්න පුලුවන් කියලා හිතෙන වේගයට ආපුවාම ජියර් එක දාලා පටස් ගාලා උඩ පැනලා බයික් එකේ ඉදගන්න එකයි. කෙට්ටු කෙනෙක්ටනම් උඩ පැනලා ඉදගන්න අමාරු වෙයි :D

බයික් එකේ චේන් එක 'O'-ring සීල් කරනු ලැබූ චේන් එකක්. චේන් එක ගලවන්න වෙනම බ්‍රැකට් එකක් නෑ.

ටැංකියට ලීටර් 16ක තෙල් ප්‍රමාණයක් අල්ලනවා.

ටයර් සයිස් ගත්තොත් ඉස්සරහා ටයර් එක මුල් කාලයේ 130/70 ZR16 කියන එකත්, පිටිපස්සේ 180/55 ZR17 කියන එකත් තමයි පාවිච්චි කරන්නේ. ඒත් ඉතිං සමහර අයනං බයික් එක පුරවලා පෙන්නපුවාම ලස්සනට පේනවනේ. ඒ නිසා 160 ටයර් සයිස් පිටිපස්සේ තිබුනත් 180ක් දාලා පස්ස පුරවගන්නවා.

බ්‍රේක් ගත්තොත් තියෙන්නේ ඩිස්ක් බ්‍රේක්. ඉස්සරහටයි පිටිපස්සටයි දෙකටම single disk brake තමා තියෙන්නේ.

හොන්ඩා සමාගමෙන් හොනට් එකේ එන්ජින් එකට දාන්න ඕන ඔයිල් වර්ග විදිහට නිර්දේෂ කරලා තියෙන්නේනම් Honda 4stroke oil එක හරි Viscosity SAE 10w40 ඔයිල් එක හරි තමයි. ඒත් ඉතිං ඒවා ලොකු ගාණක් නිසා නෝර්මල් ගාණක් දීලා ඉන්දියන් වලට දාන ඔයිල්ම දානවා. හැබැයි ඉතිං පොඩ්ඩක් ඊට වඩා දෙසීයක් තුන්සීයක් වැඩි හොඳ එන්ජින් ඔයිල් එකක් දානවනං හොදයි.

ඔයිල් චේන්ජ් කරද්දී ෆිල්ටර් එකේ තියෙන ඔයිලුත් එක්කම මාරු කරනවනම් ලීටර් 2.7ක් විතර යනවා. නැත්නං නිකම්ම එන්ජින් ඔයිල් විතරක් මාරු කරවනම් ලීටර් 2.2ක් හොඳටම ඇති.

කූලන්ට් දාන්න ඕන ප්‍රමාණයක්නම් හරියට කියන්න බෑ. කූලන්ට් දාන්න තැන් දෙකක් තියෙනවා. රේඩියේටරේට කූලින්ග් යනවා ටැංකිය යට තියෙන කප් එකකින්. අනිත් කූලින්ග් එක තියෙන්නේ ෂීට් එක යටට වෙන්න.

එතකොට මේ බයික් එකට ප්ලග් හතරක් තියෙනවා. හොන්ඩා ආයතනය විහින්ම නිර්දේෂ කරලා තියෙන්නේනම් CR8EH9 (NGK) ප්ලග් වර්ගය. මේවා මෙහෙත් ගන්න තියෙනවා. ප්ලග් හතරටම හාරදාස් ගාණක් වගේ වෙන්නේ.

බයික් එක සර්විස් කරනවනම් ඉතිං ලංකාවේ නෝර්මල් එන්ජින් ඔයිල් දැම්මනං කිලෝමීටර් 1500-2000 අතර ප්‍රමාණයක් අතර සර්විස් කරන එක හොඳයි. කොහොමත් නෝර්මල් එන්ජින් ඔයිල් වලටත් රුපියල් 1000-1500 අතර ගාණක් වියදම් වෙනවා.

දැන් කියන්නම් හොනට් බයික් චැසි වලට අනුව නිෂ්පාදනය කරපු අවුරුද්ද, ඒවගේ චැසි නම්බර් සහ එන්ජින් නම්බර් වගේම ඒවා හඳුන්වන කෝඩ් ටිකත්.

Honda Hornet 100CH (හොන්ඩා හොනට් චැසි 100)

නිෂ්පාදිත වර්ෂය - 1996

නිෂ්පාදිත කේතය - CB250FT

එන්ජින් අංකය - MC14E-150

චැසි අංකය - MC31-100

Honda Hornet 105CH (හොන්ඩා හොනට් චැසි 105)

නිෂ්පාදිත වර්ෂය - 1996

නිෂ්පාදිත කේතය - CB250FT

එන්ජින් අංකය - MC14E-150

චැසි අංකය - MC31-105

Honda Hornet 110CH (හොන්ඩා හොනට් චැසි 110)

නිෂ්පාදිත වර්ෂය - 1997

නිෂ්පාදිත කේතය - CB250FV

එන්ජින් අංකය - MC14E-155

චැසි අංකය - MC31-110

Honda Hornet 115CH (හොන්ඩා හොනට් චැසි 115)

නිෂ්පාදිත වර්ෂය - 1998

නිෂ්පාදිත කේතය - CB250FX

එන්ජින් අංකය - MC14E-160

චැසි අංකය - MC31-115

Honda Hornet 120CH (හොන්ඩා හොනට් චැසි 120)

නිෂ්පාදිත වර්ෂය - 1999

නිෂ්පාදිත කේතය - CB250FY

එන්ජින් අංකය - MC14E-170

චැසි අංකය - BA MC31-120

Honda Hornet 125CH (හොන්ඩා හොනට් චැසි 125)

නිෂ්පාදිත වර්ෂය - 2000

නිෂ්පාදිත කේතය - CB250F1

එන්ජින් අංකය - MC14E-175

චැසි අංකය - BA MC31-125

Honda Hornet 130CH (හොන්ඩා හොනට් චැසි 130)

නිෂ්පාදිත වර්ෂය - 2003

නිෂ්පාදිත කේතය - CB250F3

එන්ජින් අංකය - MC14E-180

චැසි අංකය - BA MC31-130

Honda Hornet 140CH (හොන්ඩා හොනට් චැසි 140)

නිෂ්පාදිත වර්ෂය - 2005

නිෂ්පාදිත කේතය - CB250F6

එන්ජින් අංකය - MC14E-190

චැසි අංකය - BA MC31-140

Honda Hornet 150CH (හොන්ඩා හොනට් චැසි 150)

නිෂ්පාදිත වර්ෂය - 2006

නිෂ්පාදිත කේතය - CB250F7

එන්ජින් අංකය - MC14E-190

චැසි අංකය - BA MC31-150
ඒ වගේම තව දෙයක් දෙන්නම්. ඒක හොනට් බයික් වලට විතරක් නෙමෙයි. හැබ බයික් එකකටම ගැලපෙනවා. හැබැයි ඉතිං මේක හොන්ඩා බයික් වලට විතරයි හොඳේ. මේකෙන් කෙරෙන්නේ චැසි අංකයට අනුව බයික් එකේ සිලින්ඩර් කැපෑසිටි එක, ඒ කියන්නේ බයික් එක CC කීයද කියලා හොයාගන්න එකයි. ඒ වගේම මේක අදාල වෙන්නේ 1979-1995 වර්ෂ අතර නිෂ්පාදනය කරපු හොන්ඩා බයික් වලට විතරයි.

A  - 50CC ඉදන් 79CC වෙනකම්

H  - 80CC ඉදන් 124CC වෙනකම්

J  - 125CC ඉදන් 149CC වෙනකම්

K  - 150CC ඉදන් 184CC වෙනකම්

L  - 185CC ඉදන් 199CC වෙනකම්

M  - 200CC ඉදන් 349CC වෙනකම්

N  - 350CC ඉදන් 449CC වෙනකම්

P  - 450CC ඉදන් 649CC වෙනකම්

R  - 650CC ඉදන් 899CC වෙනකම්

S  - 900CC ඉදන් ඉහළට

දැන් ප්‍රශ්ණයක් ඇතිනේ කොහොමද මේක බලන්නේ කියලා. උදාහරණයක් අරගෙන පෙන්නන්නම් ඒකත්. අපි හිතමුකෝ උදාහරණයක් විදිහට Hornet බයික් එකක් ගත්තා කියලා. ඉතින් හොනට් එකේ 250 කාණ්ඩයේ චැසි අංක පටං ගන්නේ MC31 විදිහටනේ. ඔය MC31 කියන එකේ පලවෙනි අකුර විදිහට තියෙන්නේ M අකුරනේ. ඉතිං M අකුරින් තමයි මේ CC ගාන කීයද කියලා හොයගන්නේ. ඉතිං උඩ ලැයිස්තුවේ දීල තියෙන විදිහට M අකුරට තියෙන්නේ 200CC ඉදන් 349CC වෙනකම්.

තවත් පොඩි දෙයක් කියල දෙන්නම්. මේ ක්‍රමයෙන් පුලුවන් ඔයාගේ බයික් එක මොන බයික් වර්ගයටද වැටෙන්නේ කියලා දැනගන්න. ඒ කියන්නේ දැං ඔය හොනට් බයික් එක වැටෙන්නේ Street කියන කැටගරි එකටනේ. ඒ වගේම තව තියෙනවනේ ස්කූටර්, කිඩ්ස් බයික් අනං මනං කියලා. ඉතින් මේ ක්‍රමය තියෙන්නේ අන්න ඒ වර්ගේ හොයාගන්න. මේකෙදී වෙන්නේ චැසි අංකේ තියෙන දෙවෙනි අකුරින්. හැබැයි ඉතිං මේ ක්‍රමයත් අයිති වෙන්නේ 1979-1995 වර්ෂ වල හදපු බයික් වලට විතරයි.

B - පොඩි ලමයිට තියෙන බයික් වර්ගයට (Kids bike/ATC)

C - Street වර්ගයට

D - Enduro වර්ගයට

E - OHV/ Off Road bike (මේ වර්ගය පාරේ පැදගෙන යන්න නීතියෙන් තහනම්)

F - Scooter (ස්කූටර්)

ඉතින් මේකත් බලන විදිහ උදාහරණයකින් පැහැදිලි කරන්නම්. Hornet චැසි 115ක චැසි අංකේ MC31 විදිහටනේ පටං ගන්නේ. ඉතින් ඕකේ දෙවෙනි අකුර තමයි C කියන්නේ. ඉතිං C අකුරට අයිති වෙන්නේ Street කියන වර්ගය.

ඕනම කෙනෙකුට හොනට් බයික් එක පදින්න පුලුවන්. ඕනම කෙනෙක්ට කියන්නේ කියන්නේ පොඩි අයට නෙමෙයි. හැබැයි බ්රේක්, ජියර් පැඩල් වලට කකුල් දිගයිනම් එයාලටත් පුලුවන්.
ඒවගේම කකුල් වල ආබාධයක් තියෙන අයට බෑ කියනවනම් ඒක ඔප්පු කරන්න පුලුවන් වීඩියෝ එකක් youtube වල තියෙනවා. කලු පාට හොනට් එකක් පදිනවා. ජියර් එක මුලින්ම කඩලා ඒක වෙනම පටියකින් බදිනවා. ඒවගේම ආබාධිත කෙනාගේත් කකුල් දෙකට ඇදෙන යම් පටියක් මඟින් ලං කරනවා. පිටිපුස ආසනයේ තව කෙනෙක්ව ඉන්දවගෙන තමයි මේ ආබාධිත කෙනා මේ මෝටර් බයික් එක එලවන්නේ.
මෝටර් බයික් එකක් පදින්න හුරු නැති කෙනෙක්ට උනත් විනාඩි පහෙන් මේ හොනට් බයික් එකට හුරුවෙන්න පුලුවන්. මොකද බයික් එකේ තියෙන ටයර් සයිස් අනුව (පිටුපස රෝදය උපරිම 190, ඉදිරි රෝදය 140) බයික් එකේ බැලන්ස් එකත් හොඳටම තියෙනවා. බයික් එක ටික්ක රේස් කරලා ඉස්සරහට යවාගන්න විතරයි තියෙන්නේ. ඒ වගේම බයික් එක ලඟ කැපලිවලටනම් සුපිරි. රේස් කරලා ඉස්සරහට යවාගන්න කියන්නේ ඉතිං ක්ලච් එක නිකං අතෑරියත් හෙමින් බයික් එක ඉස්සරහට යනවමනේ :P
හැබැයි එකක් කියන්න තියෙනවා. බයික් එක 200kg විතර බරයි. වැටුනොත් ඉතිං සොරිම තමයි. කෙලින්ම ෂුවර් ටැංකිය ඇතුලට එබෙනවාමයි. එහෙමත් වාසනාවක් තිබ්බොත් තමයි ටැංකිය බේරෙන්නේ. හැබැයි සේෆ්ටි අතිං බයික් එක ඉස්තරං.
බයික් එකෙන් වැටෙද්දී අනිවාර්යෙන්ම බයික් එක එලවන කෙනාව (තනියෙන් ගියොත්) බයික් එක විසින්ම වෙනම පැත්තකට විසිකරලා දානවා. ඒ වගේම ඉන්දියන් බයික් වගේ වැටුනාම බයික් එක විසිවෙලා, ලිස්සලා යන්නේ නෑ. හැබැයි ඉතිං වේගය අනුව මේක එක එක විදිහට වෙනවා. හැබැයි 120ට ගිහින් හැප්පුනාට බයික් එක විසික්වෙලා යන්නේ නෑ ඈ :3 එතනින් එහාට තාම ටෙස්ටින් කරන කෙනෙක්ව හොයාගන්න බැරිවුනා. තව එක දෙයක්.

හොනට් එකේ යද්දී ආතල් තමයි. අපි සැප දීගෙන යනවා තමයි. හැබැයි මේක කපල් වලට කියාපු බයික් එකක්නේ. කෙල්ලව හරි නැත්නම් තව කවුරු හරි පිටිපස්සෙන් දාගෙන යනවනම්, තමන්ගේ ජීවිතේට ආදරේ නැති කෙනෙක්නම් පොඩ්ඩක් පරිස්සමින් බයික් එක එලවගෙන යන්න. මොකද එලවන කෙනාට වැඩියෙන් බයික් එකේ පිටිපස්සේ යන කෙනාට ඩැමේජ් එක වැඩිවෙන්න පුලුවනි. මොකද රයිඩර්ට වැඩිය උඩකින් පිටිපස්සේ යන කෙනා ඉන්න නිසා.
ඒ වගේම බයික් එක විසින්ම security system එකක් තියෙනවා. නමුත් ලංකාවට එද්දි ගොඩක් ඒ සිකුරිටි සිස්ටම් එක ටැංකියේ ස්ටිකර් එකට විතරක් සීමාවෙනවා :D බයික් එකේ ස්ටෑන්ට් එක ගහලා තියෙද්දී බයික් එක කීයටවත් ඉස්සරහට

What You Wan,t ?

  • Stunt Clips
  • Shopping
  • Srilankan Moto News
  • Bikers News
  • Ask Manu
  • Bike Review

Like Us On Facebook

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Follow කරලා එකතු වෙන්න