Kawasaki D-Tracker X 2008-2015

Kawasaki D tracker X 2008-2015

Kawasaki D-Tracker  D 2 එන්ජින් බයික් එකෙන් පස්සේ එන්නෙ මේ බයික් එක තමයි.මේ බයික් සෙට් එක EFI  එන්ජින් එකකින් සමන්විතයි.

2008 Kawasaki D-Tracker X
2008 බයික් එක පාට තුනකින් ආව. ඒ (paint code H8) ඊබොනි ,(paint code 25G)කලර්ඩ් ප්ලාස්ටික් සෝලර් යෙලෝ සහ (paint code 274)කලර්ඩ් ප්ලාස්ටික් ඔරිඑන්ශල් බ්ලූ කියන පාට තුන තමා.ඔරිඑන්ශල් බ්ලූ කියන බයික් එකේ විතරයි 2008 මොඩෙල් එකෙන් රිම් කලර් එක ටූ ටෝන් ආවෙ.
බයික් තුනේම ස්විම් ආර්ම් එක සිල්වර් කලර් ආවෙ. එන්ජින් එකත් ෆෝර්ක් එකත් සිල්වර් කලර් තමයි ආවෙ.
මොඩෙල් කෝඩ් එක තමයි KLX250V8F.
Chassis Num:LX250V-A00030-A02506
Engine number:LX250DEA00001


 




2009 Kawasaki D-Tracker X
2009 වර්ශයෙත් කලර් තුනකින් නිශ්පාදනය කලා.ඊබොනි, කලර්ඩ් ප්ලාස්ටික් බ්ලේසින්ග් ඔරේන්ජ් සහ කලර්ඩ් ප්ලාස්ටික් ඔරිඑන්ශල් බ්ලූ කියන කලර්ස් තුන.2008 ග්‍රැෆික් එකට වඩා මේකෙ ග්‍රැෆික් එක වෙනස් ටිකක්.නිල් පාට බයික් එකෙ ඇරෙන්න අනිත් බයික් දෙකේම එන්නෙ කලු පාට ෆෝර්ක් සෙට් එකක්.‍රිම් ප්ලේන්ට් එකනම් කලු එන්නෙ එ බයික් දෙකෙත්.නිල් පාට බයික් එකෙ එන්නෙ නිල් පාට රිම් දෙකක් සහ සිල්වර් කලර් පෝර්ක් සෙට් එකක්.බයික් තුනේම එන්ජින් එක සිල්වර් කලර් වේ.
මොඩෙල් කෝඩ් එක තමයි KLX250V9F
චැසිස් නම්බර් එක එන්නෙ LX250V-A02507-A04414,
එන්ජින් නම්බර් එක එන්නෙ LX250DEA00001


 
 




2011 Kawasaki D-Tracker X
2011 නිශ්පාදිත වෙන්නෙනම් කලර් දෙකකින් විතරයි.2010 අවෙත් 2009 බයික් එකම තමයි.2011 කලර් දෙක වෙන්නෙ F1 පෝලර් වයිට් සහ 777 ලයිම් ග්‍රීන් වේ.ග්‍රැෆික් කිට් එකනම් ගොඩ්ක් වෙනස් මේකෙ.කලු වර්ණ එන්ජින් එකක් සහ කලි වර්ණ ෆෝර්ක් දෙකක් එක්ක සිල්වර් කලර් ස්විම් ආර්ම් එකක් තමයි එන්නෙ මේකට.
මොඩෙල් කෝඩ් එක KLX250VBF,
චැසිස් නම්බර් LX250V-A04415-A05489 ,
එන්ජින් නම්බර් LX250DEA00001 වේ.





2012 Kawasaki D-Tracker X
2012 එන්නෙත් කලර්ස් දෙකක් විතරයි.ග්‍රැෆික් එකත් වෙනස් වෙනව.683 ඔරිඑන්ශල් බ්ලූ සහ 15P කැන්ඩි ලයිම් ග්‍රීන් තමයි කලර්ස් දෙක වෙන්නෙ.මෙකෙත් කලු පාට එන්ජින් එකක්,කලු පාට ෆෝර්ක් දෙකක් සහ සිල්වර් කලර් ස්විම් ආර්ම් එකක් තමයි එන්නෙ.සුදු පාට බයික් එකේ රිම් දෙක නිල් පාටින් තමයි ආවෙ.
මොඩෙල් නම්බර් එක KLX250VCF
චැසිස් නම්බර් එක LX250V-A05490-A07180 ,
එන්ජින් නම්බර් එක LX250DEA00001 වේ.



2013 Kawasaki D-Tracker X
2013 එක්ස් එකෙත් එන්නෙ කලර්ස් දෙකයි H8 ඊබොනි සමග රතු පාට ග්‍රැෆික් එකක් සහ 266 කලර්ඩ් ප්ලාස්ටික් ශයිනී වයිට් කියන දෙක තමයි.ස්විම් ආර්ම් එක කලු පාටින් ද එන්ජින් එක සහ ෆෝර්ක් කවර්ස් කලු පාටින් තමයි ආවෙ.
මොඩෙල් කෝඩ් එක KLX250VDF
චැසිස් නම්බර් එක LX250V-A07181-
එන්ජින් නම්බර් එක LX250DEA00001- වේ.




2014 Kawasaki D-Tracker X
KLX250VEF හෙවත් ට්‍රැකර් එක්ස් 2014 එක H8 ඊබොනි සහ 35P කේඑම්ටී.කැන්ඩි ලයිම් ග්‍රීන් ටයිප් 2 යන පාට දෙකකින් සමන්විතයි.ස්විම් අර්ම් ,ෆෝර්ක් දෙක ,රිම්ස් සහ එන්ජිම කලු වර්ණයෙන් හැඩ වී ඇත.
මොඩෙල් නම්බර් එල KLX250VEF
Chassis number- LX250V-A07982-
Engine number- LX250DEA00001- වේ.




2015 Kawasaki D-Tracker X
ලොකු වෙනසක් නෑ ග්‍රැෆික් එක විතරයි 2014ට වඩා වෙනස් වෙන්නෙ.කලර්ස් 3න් ආව මෙ බයික් එක.

එන්ජින් එක ගත්තොත් ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් සහිතව 249 සී සී ලික්විඩ් කූලින්ග් සින්ගල් සිලින්ඩර් ෆෝ වෑල් ෆෝ ස්ට්‍රොක් වෙට් සම්ප් 6 ස්පීඩ් ගියර්ස් සහිතව කෙයිහින් සින්ගල් බැරල් 34 F001 ඩිජිටල් ෆුවෙල් ඉන්ජෙක්ශන් සිස්ටම් එකක් සහිතව නිශපාදනය වුනි.ටෙලිස්කොපික් හෙවත් අප් සයිඩ් ඩවුන් ෆෝර්ක් දෙකක් සහ මොනො ශොක් එකක් සමන්විතයි.ඉදිරි පස සහ පසු පස නිස්සින් බ්‍රේක් කැලිපර්ස් සහිතව සින්ගල් ඩිස්ක් සහිතයි.ඉන්දන් ටැංකියේ දාරිතාවය 7.3 ලීටර් වේ.
ඩී ට්‍රැකර් ඩී 2 2004-2007 බයික් එකට වඩා මේ බයික් එක උසින් දිගින් පලලින් අඩුයි.පිකප් එක ටොප් ස්පීඩ් එකනම් වැඩී.(ස්පීඩ් ලිමිට් එක අයින් කලොත්) .මේ බයික් එකෙ ඉන්දන අරපිරිමැස්ස වැඩී කලින් ට්‍රැකර් වලට වඩා.45Kmpl වගේ වැඩ කරනව.ඩිජිටල් මීටර් එකක් තමයි එන්නෙ.මිටර් එකේ RPM,Speed,Trip,Time කියන ඔප්ශන් තියෙනවා.
ඊ එෆ් අයි හදන්න මහ ලොකු ගානක් යන්නෙ නෑ ටියුන් කරන්න රු.1500ක් වගේ තමයි යන්නෙ.මම කියුවේ පාර්ට්ස් දාල හදන්න නෙමේ ටියුන් කරනව වගේ සමාන දේකට යන මුදල.
නිශ්පාදිත රට මලයාසියාව වේ.

with Kawasaki Japan Under License and spare Parts


2016 Kawasaki D Tracker X Final Edition



පිටපත් අයිතිය සුරකින්න.
මුල් අයිතිය :- Randika Sri  සහ Malisha Oshan
ස්තූති ඔබ දෙපලට 
Edit And Type & Processing With Publishing 
Biker Brotherz
Special Support Credit Goes To KD Lakshan
&
Lakshitha Bandara 
❤️💪

What You Wan,t ?

  • Stunt Clips
  • Shopping
  • Srilankan Moto News
  • Bikers News
  • Ask Manu
  • Bike Review

Like Us On Facebook

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Follow කරලා එකතු වෙන්න