TW කියන නමේ තේරුමනම් Trail Way



යමහ ටී ඩබ්ලිව් 200
1987 තමයි යමහ TW200 එකේ ආරම්භය වෙන්නෙ.ඩුවල් ස්පෝර්ට් ඇඩ්වෙන්චර් ටවරින්ග් බයික් එකක් තමයි මේක.මුල්ම බයික් එක 196 සී සී, එයාර් කූල්ඩ් සින්ගල් ඕවර් හෙඩ් කෑම් සමග වෑල් දෙකක් සහිත එන්ජින් එකකින් ෆයි ස්පීඩ් ගියර් පද්දතියකින් සම්න්විත වුනා.මිකුනි කියන කාර්බ් එකක් තමයි මේකට එන්නෙ.CDI ඉග්නිශන් එකක් තමයි මේකට ආවෙ.සෙල්ෆ් ස්ටාර්ට් සහ කික් ස්ටාර්ට් සහිතයි.

1987 TW200 2JL0 මොඩෙල් එක
මේක තමයි මුල්ම TW200 බයික් එක.ටෑන්ක් ෆෙන්ඩර් මඩ් ගාර්ඩ් හෙඩ් ලයිට් කවර් සුදු වර්නයෙන් සහ සීට් එක චැසිය සහ ෆෝර්ක් බූට් දෙක රතු වර්නයෙන් එක මොඩෙල් එකක් සහ අනික 00NJ සීට් එක සහ චැසිය නිල් වර්නයෙන්ද,ෆෝර්ක් බූට්ස් කහ වර්නයෙන්ද එන්ජින් එක කලු වර්නයෙන්ද වර්න ගැන්වුන යතුරු පැදිය 196 සී සී එන්ජින් එකකින් ඩ්‍රම් බේක් සහිත ස්පෝර්ක් වීල් රිම් සහ කොටු හෙඩ් ලයිට් එකකින් නිශ්පාදනය වුනි.00E1 කලර් කෝඩ් එකෙන් 1987 April වල උපත ලැබුවා.

1981 යමහා 4CS1 TW200
1981 පෙබරවාරි මාසයේ නිශ්පාදන වුන මෙහි වෙනස් වූයේ වර්ණය පමනයි.කොළ පැහැති සීට් එකක් ටැංකියක් ෆෝර්ක් බූට් දෙකක් සහ කලු වර්නයෙන් චැසිය වර්ණ වුනි.එන්ජින් එක තද අලු වර්ණය ගැන්වුනි.පිටුපස ෆෙන්ඩර් එක ඉදිරිපස මඩ් ගාර්ඩ් එක සයිඩ්ස් කප් සහ හෙඩ් ලයිට් කවට් එක අලු වර්ණයෙන් වුනි.


1993 යමහා 4CS2 TW200
1993 ජූලි මාසයේ නිශ්පාදනය වුනු මෙහි සුදු වර්නයෙන් පිටුපස ෆෙන්ඩර් එකද සයිඩ් කප් දෙක සහ හෙඩ් ලයිට් කවර් එක වර්ණ වුනි.ටැංකිය සහ සීට් එක තද නිල් වර්ණයෙන් ද එන්ජින් එක අලු වර්ණයෙන්ද වර්ණ වුනි.කලර් කෝඩ් එක 0265.

1996 යමහා 4CS3 TW200
කලර් කෝඩ් එක 0033 යටතේ ෆෙන්ඩර් ෆෝර්ක් බූට්ස් සයිස් කප්ස් හෙඩ් ලයිට්ස් කලු වර්ණයෙන් සහ ටැංකිය තැඹිලි වර්ණයෙන්ද සීට් එක කලු සහ අලු වර්ණයෙන්ද,එන්ජිම කලු වර්ණයෙන්ද වර්ණ ගැන්වුනි.යමහ TW නම කුඩාවට ටැංකියේ සදහන් වී පැමිනෙයි 1996 මැයි සිට.තනි කලු වර්ණයෙන්ද මොඩෙල් එකක් 1996 මැයි මස නිශ්පාදනය වුනා.

1998 යමහා 4CS5 TW200
00KE කලර් කෝඩ් එක යටතේ හෙඩ් ලයිට් කවර් පිටුපස ෆෙන්ඩර් එක සහ මඩ් ගාර්ඩ් එක ගොම කොල පැහැති වුනා.සයිඩ් කප් එක සහ එන්ජිම කලු වර්ණයෙන් යුක්ත වුනි.ටැංකිය මෙටලික් අලු පැහැතියට හුරු වුනි..සීට් එක නිල් වර්ණය යුක්ත වුනි.රිම් දෙක කලු පැහැතිය.1998 අගෝස්තු මාසයෙ මෙය නිශ්පාදනය වුනි.

යමහ TW200 Drum Break පරම්පරාව ඉවරවුනා ඔහොම.

ඊළගට නිශ්පාදනය වුනේ TW200E කියන මොඩෙල් එකයි
.මේකත් 196 සී සී සින්ගල් සිලින්ඩර් ෆෝ ස්ට්‍රොක් 16 හෝස් ෆවර් සහිත SOHC එන්ජින් එකකින් සමන්විත වුනි.5 ස්පීඩ් එයාර් කූල්ඩ් සිස්ටම් සහිත වුනි.මෙහි විශේෂත්වය වුනේ කලින් මොඩේල් එකෙ නැති දෙයක් එකතු වීමයි.ඒ තමයි ඉදිරිපසට රවුම් හැසයේ හෙඩ් ලයිට් එකක් එකතූ වීමයි.ඒ වගේම 2000 වර්ශයේ සිට ඩිස්ක් බ්‍රේක් එකතු වීමයි.පිටුපසනම් ඩ්‍රම් බ්‍රේක්ම තමයි.මෙහි මීටර් එක කොටු හැඩයට නර්මානය වුනි.

1998 යමහා 4CS4 TW200E
අගෝස්තු මාසයේ අලුත් වෙනසකින් නිශ්පාශනය වන මෙහි මොඩෙල් දෙකක් පැමිනුනා.එනම් සිල්වර් වර්ණය සහිත යතුරු පැදියක් (කලර් කෝඩ් 0060) සහ ගෝල්ඩ් පැහැති යතුරු පැදියකි (කලර් කෝඩ් 0625).

ටැංකියෙහි Badge එකත් අලුත් පෙනුමක් ගත්ත.මේ මොඩෙල් දෙකේ රිම් දෙක කලු වර්ණය ආලේපිත වුනි.


1999 යමහා 4CS6 TW200E
99 නොවෙම්බර් මාසයේ වර්ණ තුනකින් මොඩෙල් තුනක් මෙලොව උපත ලැබුවා.

කලර් කෝඩ් 0621 යටතේ රතු පාට ටැංකියක් සහිතව ද,00EM කලර් කෝඩ් එක යටතේ ගෝල්ඩ් කලර් ටැංකියක් සහ මෙට්ලික් දුඹුරු මිශ්‍රව,කලු වර්ණයේ රිම් ,හබ් සහ ෆෝර්ක් කවර් දෙකක් සහ කලු වර්ණය ආලේපිත ස්විම් ආර්ම් සහිත මොඩෙල් එකක් සහ 004B කලර් කෝඩ් එක යටතේ තනි කලු වර්ණයේ බයික් එකක් ද වුනි.ස්විම් ආර්ම් එක සහ ෆෝර්ක් කවර් දෙක සිල්වර් කලර් මේකෙනම් ආවෙ.රිම් දෙක කලු වර්ණය වුනි.


2000 යමහා 5LB1 TW200E with Front Single Disk Brake
ඉහත කියූ පරිදි 2000 පෙබරවාරි තමයි මුල්ම ඩිස්ක් බ්‍රේක් සහිත ටී ඩබ්ලිව් 200E එකක් මෙලොව උපත ලැබුවේ.මෙහිත් වර්ණ තුනකින් මොඩෙල් තුනක් පැමිනුනා.කලර් කොඩ් 0751 යටතේ නිල් වර්ණයේ ටැංකියක් සහ බේච් පාට ෆෙන්ඩර් එකක් සහ මඩ්ගාර්ස් එකක් සහිතවද,කලර් කෝඩ් 0752 යටතේ මෙටලික් බේච් පාටට හුරු පැහැයක් ගන්නා ලද ටැංකියක් සහිතව සිල්වර් පාටින් ෆෙන්ඩර් එක සහ මඩ් ගාර්ඩ් එක වර්ණ වුනි.අනික 0646 කලර් කෝඩ් එක යටතේ තද රතු වර්ණයේ ටැංකියකින් ද ඩාර්ක් වයිට් සහිතව ෆෙන්ඩර් එක සහ මඩ් ගාර්ඩ් එකකින්ද සහිතව පැමිණුනි.0752,0646 හි රිම් වර්ණය කලු වුනි.

2001 යමහා 5LB2 TW200E අවසාන 200 පරම්පරාව.
2001 අප්‍රියල් මාසයේ කලර් කෝඩ් තුනක් යටතේ මොඩෙල් තුනක් පැමිනුනා.0033 යටතේ තනි කලු වර්ණයන් පැමිනුන (මම ආසම එක) මොඩෙල් එකේ ස්විම් ආර්ම් සහ ෆෝර්ක් කවර් දෙකද ,රිම් දෙක සහ හබ් දෙකද කලු වර්ණයෙන් වර්ණ ගැන්වුනා.අනික් මොඩෙල් වල සිල්වර් වර්ණය තමයි දක්නට ලැබෙන්නෙ.අනික් යතුරු පැදි 0775 යටතේ නිල් වර්ණයේ ටැංකියකින් සමන්විතවද, අනික කලර් කෝඩ් 0390 යටතේ සුදු වර්ණයෙන් යුක්ත වුන ටැංකියකින් යුතු යතුරු පැදියක් නිර්මානය වුනි.

මෙතනින් TW200,TW200E පරම්පරාව නිමවුනි.

TW එක ගැන කිවුවොත් බයික් එක පාවිච්චියට හොද බයික් එකක්.විසේකාර නොවුනත් ගොඩක් ඇගට සුවපහසු බයික් එකක්.140kmph ස්පීඩ් එකක් ගන්න පුලුවන්.හැබයි ලගනම් පිකප් නෑ.දුර පිකප් වෙන්නෙ.මොක්ද 16 වගෙ පොඩි හෝස් පවර් එකක් තියෙන නිසා.අනික පිටුපස ටයර් එකත් ගොඩක් ලොකු නිසා සහ රිම් ප්‍රමාණය කුඩා නිසා ලොකු පිකප් එකක් සහ වේගයක් ගන්න අමාරුයි.මොනෝ ශොක් එකක් සහිත නිසා තව සුව පහසුව ගෙනෙනවා.ෆුවෙල් කැපෑසිටි එක ලීටර් 6යි.සීට් හෙයිග්ට් එක අගල් 31.1යි. ඉදිරිපස ටයර් සයිස් එක 130/80-18 ද, පසුපස 180/80-14 වේ. එන්ජින් එකට 1.5 ලීටර් ඔයිල් ධාරිතාවයක් අවශ්‍ය වේ.
TW බයික් එකක් ගද්දි ගොඩක්ම බලන්න ඕනෙ මොනෝ එකයි පිටුපස ටයර් එකයි ඔරිජිනල් CDI යි එකයි එන්ජින් එකේ හෙඩ් එකේ සද්දෙයි හොද්දටම තියෙනවද කියලයි.
අඩු පාඩුනම් ඇති.මොකද එක්ස්පර්ට් නෙමේ අපි පුලුවන් හැටියට ලිවුවෙ.2002 - 2007 TW225 එක්ක නැවත හමුවෙමු.

පිටපත් අයිතිය සුරකින්න.
මුල් අයිතිය :- Randika Sri  සහ Malisha Oshan
ස්තූති ඔබ දෙපලට 



What You Wan,t ?

  • Stunt Clips
  • Shopping
  • Srilankan Moto News
  • Bikers News
  • Ask Manu
  • Bike Review

Like Us On Facebook

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Follow කරලා එකතු වෙන්න